Wednesday, September 25, 2024

යොහානිට හදිසි අනතුරක්

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ, ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුරයි. මේ ගැන සඳහන් කරමින් යොහානි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් ද තැබීමට කටයුතු කළා. තම ඉදිරිපත් කිරීම අතරවායේ දී, ගිටාරය මුහුණට වැදි සුළු තුවාල වීමක් සිදු වූ බවයි ඇය එහි දක්වා ඇත්තේ. එය ගැටුණ අවස්ථාවේ දී ඇය සම්බන්ධයෙන් තැකීමක් නොකළ බව ද යොහානි පවසනවා.

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.

එළඹෙන 03 වනදා ඇය ගුරුග්‍රම් සහ හයිද්‍රාබාද් යන නගරවලද ප්‍රසංග කිහිපයක් පැවැත්වීමට නියමිතය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles