යෝගට් එකත් මිල උස්සයි. 35 යෝගට් එක 55- 60 යන ලකුණු !

0
574

ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී යෝගට් එකක මිල රුපියල් 55 ක් හෝ 60 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත පවසයි.

ඩොලර් හිඟ නිසා අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම නිසා 2020 වසරේ රුපියල් 30 ක්ව තිබූ යෝගට් එකක් මේ වන විට රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබුණ ද නිෂ්පාදකයාට ලාභයක් නොමැති බවත් යෝගට් කර්මාන්තයට කිරි අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල අධික වීම දැඩි බලපෑමක් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මේ හේතුවෙන් පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනයද විශාල අවශයෙන් පහළ ගොස් තිබේ.

එම ගැටලුවට රජය මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  

මෙම සියලු නිෂ්පාදන සදහා දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ ලීටර් එක් ලක්ෂ තිස් දහසක් පමණක් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here