යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ ලබාදෙන්න – ස්ටාලින් අඩියක් පස්සට

0
280

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් දෙකක් එකවර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

වර්ජනයේ නිරත විදුහල්පති සංගම් පවසන්නේ එලඹෙන 21 වැනිදා වනවිට ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම් තමන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් නොයන බවය.

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් තුනෙන් දෙකක් 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කෙරුණද වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් ඊට එකඟ නොවීය.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here