‘‘යෝජිත වරාය නගර කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි‘‘

0
454

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් , මේ තුළින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරට ලක් වන බව මෙම පනත් කෙව පෙත්සමක් ගොනු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ යසස් ශ්‍රී නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (20) පැවසීය.

එම පනත් කෙටුම්පත තුළින් වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බවත් , මෙම වරාය නගරයට ජාත්‍යන්තර ගිවිසුම් පවා ඇති කර ගැනීමේ හැකියාවද පවතින බව ද ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ”කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට ” එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 19 විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ දෙවැනි දිනයටත්  අද (20)  පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here