Saturday, September 21, 2024

යෝෂිත රාජපක්ෂගේ වාට්ටුව තහනම් කලාපයක්.!

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපකෂ මහතා ඇතුළු රැඳවියන් සිවුදෙනෙකු හට වෙන් වූ විශේෂ වා්ටුව තහනම් කලාපයක් ලෙසට නම් කර තිබේ.

ඔවුන් රඳවා තිබෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුව සඳහා වෙනම බන්ධනාගාර නිලධාරීවරුන් දෙදෙනෙකු රාජකාරියේ යොදවා ඇති බවත්, ඒ රැඳවියන් පිරිස ඔවුන් දෙදෙනාගේ පූර්ණ අධීක්ෂණයට පැය 24 පුරාම ලක්වන බවත්, බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ නිලධාරීන් දෙදෙනාගේ අනුමැතියකින් තොරව කිසි ලසකින් වාට්ටුවෙන් පිටතට පැමිණීම ඔවුනට තහනම් කර ඇති බව ද ඒ අනුව හෙළිවෙයි.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු රැඳවියන් ඔවුන්ගේ ඥාතීන් හට බැලීමට අවස්ථාව ලබාදීමේදී එක් බන්ධනාගාර නිලධාරියෙකු ඒ අසලින් රැඳී සිටීම අනිවාර්ය්‍ය කර ඇති බ ද ඒ විශ්වසනීය ආරංචි මාර්ග මඟින් හෙළි විය.

යෝෂිත රාජපක්ෂ සඟවා තබාගෙන සිටියේ යැයි කියන දුරකතනය බන්ධනාගාරයේ දී පසුගියදා බිම වැටීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් කරනු ලැබූ වාට්ටු පරික්ෂා කිරීමේදී ඊට මායිම්ව තිබූ වාට්ටුවක ජංගම දුරකතනයක් සොයාගෙන  තිබිණි.

එහෙත් එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් මේ වනවිට අනාවාරණය වී නොමැති බැවින් සිද්ධියට අදාලව මේ විශේෂ ආරක්ෂාව ජේ වාට්ටුව වෙත ලබාදී එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කර ඇති බව ඒ ආරරංචි මාර්ගවලින් හෙළි වේ.

(ඉරුදින)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles