Saturday, January 25, 2025

‘රංගන’ තැබූ ලෝක වාර්තා සියල්ල මෙන්න

තිස්නව හැවිරිදි රංගන හේරත්ගේ විශිෂ්ට පන්දුයැවීමට හේතුවෙන් පාකිස්තානු කන්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 21ක තියුණු ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කන්ඩායම සමත් වුනා

එහිදී තරගය පුරාවටම පාකිස්තානු කණ්ඩායමේ පිතිකරුවන්ට හිසරදයක් වෙමින් ප‍්‍රථමේ ඉනිමේ කඩුලු 05ක් හා දෙවන ඉනිමේ කඩුලු 06ක් දවා ගත් රංගන හේරත් තරගාවලියේ වීරයා වෙමින් සුවිශේෂී වාර්තා රැසක් පිහිටුවීමට සමත්වුනා

රංගන හේරත් පිහිටවූ වාර්තා..

1 ටෙස්ට් කඩුලු 400 ලබා ගත් ලොව 14 වන ක්‍රීඩකයා.

2 කඩුලු 400 ලබා ගත් ලොව පලමු වමත් දග පන්දු යවන්නා සහ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා. ( මුරලිදරන් කඩුලු 800 )

3.කඩුලු 400ක් ලබාගත් ලොව දෙවන වමත් පන්දු යවන්නා (වසීම් අක‍්‍රම් 414)

4.අඩු තරග සංඛ්‍යාවකදී කඩුලු 400ක් දවාගත් සිව්වැනි පන්දු යවන්නා ..මේ සදහා ඔහු ටෙස්ට් තරග 84 ක්‍රීඩා කර ඇත.

ඔහුට වඩා අඩු තරග සංඛයාවකින් කඩුලු 400 දවා ගෙන ඇති ක්‍රීඩකයින්,

මුත්තයියා මුරලිදරන් – 72.
රිචඩ් හැඩිලි – 80.
ඩේල් ස්ටේන් – 80.

5. කඩුලු 400 දවා ගත් වයස්ගතම පන්දු යවන්නා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවිවේ සර් රිචඩ් හැඩිලි.

6.තරගයක කඩුලු 05 බැගින් ලබා ගත් ක‍්‍රිඩකයින් අතර පස්වැනි පන්දු යවන්නා(අවස්ථා – 33) .ඔහුට වඩා තරගයක කඩුලු 05 බැගින් ලබා ඇති ක්‍රීඩකයින්.

මුත්තයියා මුරලිදරන් – 67
ශේන් වොන් 37
රිචර්ඩ් හැඩ්ලි 36
අනිල් කුම්ලේ -35

7. තරගයක කඩුලු 10 බැගින් ලබා ගත් ක‍්‍රිඩකයින් අතර තුන්වැනි පන්දු යවන්නා(අවස්ථා – 9) .ඔහුට වඩා තරගයක කඩුලු 10 බැගින් ලබා ඇති ක්‍රීඩකයින්.

මුරලිදරන් – 22
ශේන් වෝන් – 10
හැඩිලි – 9.

8. පකිස්ථාන පිල එරෙහිවට ටෙස්ට් කඩුලු 100 ලබා ගත් පලමු ක්‍රීඩකයා.

9.පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කඩුලු 05බැගින් ලබාගත් පන්දු යවන්නන් අතර  පළමු ස්ථානය (අවස්ථා 08)

10.පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කඩුලු 10 බැගින් ලබාගත් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය (අවස්ථා 02)

11.සිව්වැනි ඉනිමේ කඩුලු 100ක් ලබාගත් ලොව සිව්වැනි පන්දු යවන්නා
සිව්වැනි ඉනිමේ වැඩිම කඩලු ලබාගත් කී‍්‍රඩකයින්
ශේන් වොන් – 138
මුත්තයියා මුරලිදරන් – 106
ග්ලෙන් මැග්රාත් –  103

12. තරගයක සිව්වැනි ඉනිමේදී වැඩිම වාරයක් කඩුලු 5 දවා ගත් පන්දු යවන්නා. ( අවස්ථා 11)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles