Saturday, September 21, 2024

රංගන ශිල්පි, චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර අභාවප්‍රාප්ත වෙයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා අද (28) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා

ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවුණ අතර ජනප්‍රිය ගායිකාවන් වන සධානා රණතුංග සහ සුප්‍රියා අබේසේකර යන මහත්මීන් ඇතුළු දූ දරුවන් හත් දෙනකුගේ පියාණන් ද වනවා

ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන අබේසේකර මහතා විවාහවී සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟයි

ඔහු .” වහල් දුපත ” සහ ” සිදාදියෙන් හයක් ” යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා මෙන්ම නිෂ්පාදකවරයාද වනවා

එමෙන්ම අබේසේකර මහතා ” හිඟන කෙල්ල ” සහ ” ජන ශක්ති ” නමින් තවත් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුත් ඔහුට ඒවා නිම කිරීමට හැකියාවක් ලැබී නැහැ .

දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට චරිතවලින් සිය රංගන දායකත්වය ලබා දී තිබෙන අතර ‘ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ද ඔහු ගායනා කර තිබෙනවා

ශාන්ති අබේසේකර මහතාගේ දේහය අද සවස තලවතුගොඩ, කළල්ගොඩ පාරේ පිහිටි සුප්‍රියා අබේසේකර මහත්මියගේ නිවෙසේ මහජන ගෞරවය සඳහා තැබෙන අතර හෙට දින අවසන් කටයුතු කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles