Thursday, December 26, 2024

රංගේ බණ්ඩාරගෙන් ආදර්ශවත් වැඩක්…

චීනරටේ සංචාරයක්‌ සඳහා හිටපු විදුලිබල සහ බල ශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ ප්‍රමුඛ නිලධාරීන් කණ්‌ඩායමක් සූදානමින් සිටියා. එම තිර්‍රණය වෙනස් කරමින්, වෙන්වූ මුදල් අදාළ සංචාරය අවලංගු කර, පුත්තලම ආනන්ද ජාතික පාසලේ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට යොදවා ඇති බව වාර්තා වෙනවා.

ක්‍රීඩාංගණය වටේට ආරක්‍ෂිත වැටක්‌ සහ ගේට්‌ටුවක්‌ යොදා අලුතින්ම ක්‍රීඩාගාරයක්‌ ඉදිකර පාසල් දරුවන්ට තම ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට පහසුකම් සපයා ඇති බව සඳහන්.

අදාළ නිලධාරීන්ද පාලිත රංගේ බණ්‌ඩාර ඇමැතිවරයාගේ යෝජනාවක්‌ අනුව තමන්ගේ සංචාරය අවලංගු කර මෙම ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සඳහා අදාළ මුදල් සපයා ඇත. ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ ආරාධනයෙන්, විදුලිබල සහ පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු රැසක්‌ නවීකරණය කළ මෙම ක්‍රීඩාංගණය විවෘත කළ අවස්‌ථාවට පැමිණ සිටියා. මේ සඳහා, ආනන්දයේ විදුහල්පතිනිය සහ ගුරු මණ්‌ඩලයේ පූර්ණ සහයෝගයද ලැබී ඇති අතර, උත්සවයට ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ද සහභාගී වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles