රන්ජන්ට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලේඛනයට ජනපති අත්සන් තබයි

0
3103

රන්ජන් රාමනායකට හෙට දිනයේ නිදහස ලබා දීමට අදාල ලේඛනයට මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.

ඒ රංජන් රාමනායක මහතා සිදුකල ලිඛිත ඉල්ලීමත්, ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුවයි.

එබැවින් නිදහස් දිනයට සමගාමීව හෙට (4) නිදහස් දින උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමිවනු ඇත.

මෙි අතර හෙට (04) සමරනු ලබන 74වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

එලෙස සිරකරුවන් 197 දෙනෙකු සඳහා මෙම පොදු සමාව හිමිවනු ඇත.

ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ඇතුළු පිරිසක් ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here