රංජන් නිදහස් කරගන්න සජිත්ගෙන් අලුත් වැඩපිළිවෙළක්

0
276

සිරගතව සිටින රංජන් රාමනායක මහතා නිදහස් කරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලුත් වැඩපිළිවෙළකට අතගසා තිබේ.

රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් නුදුරේදීම අරඹන බවයි විපක්ෂ නායක ප්‍රකාශ කරන්නෙ.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් ඔහු කියයි. 

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැලිකඩ බන්ධනාගාරයට පැමිණිමෙන් පසු ඔහු මේ බව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here