රංජන් රාමනායකට ජනාධිපති සමාව දෙන්න සූදානම්

0
337

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක්වී සිටින රංජන් රාමනායක මහතා තමන් අතින් සිදුවූ වරදට සමස්ථ විනිසුරුවන්ගෙන් සමාව ගතහොත් ඔහුට ජනාධිපති සමාව ලබා දීමට අවස්ථාව ඇති බව ලොහාන් රත්වත්තේ බණ්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රන්ජන් රාමනායකට සමාව ලබා දීමට පියවර ගන්නා ලෙස විද්වතුන්, සිවිල් පුරවැසියන් නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ද ඊයේ (01) ජනාධිපතිවරයාට දෙවැනි වරටත් ඉල්ලීමක් කලේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දී දැනට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයයේ රදවා සිටින අතර තවත් දින කිහිපයකින් ඔහුට ජනපති සමාව අදාල කොන්දේසි යටතේ හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here