Saturday, September 21, 2024

රන්ජන් වෙනුවෙන් හරීන් සහ මනූෂ ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු දක්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට අද (02) දිනයේ කරුණු දැක්වීමට කටයුතු කළ බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අතුරු සිසැවාරයන් තුළ කරුණු දැක්වීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඊයේ (01) දිවයිනෙන් පිටත්ව ගියහ.

ජිනීවා නුවරට යාමට පෙර එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ නීති අංශය සමග සාකච්ඡා කරනු ලැබ ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා විදේශීය රටවල ඇමතිවරුන්, තානාපතිවරුන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles