අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බධයෙන් රන්ජන් රාමනායක මහතා මීට වසරකට පෙර සිරගත කරනු ලැබීය.