Friday, January 24, 2025

රජයට තීරණාත්මක ජූනි මාසය..

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න් මහතාගේ ධූර කාලය ජුනි මාසයෙන් අවසන්වීමට නියමිතයි. මීට අමතරව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගැනීමටත් සිදුවෙනවා. මේ නිසා, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ මතය වී ඇත්තේ, මේ මාසය රජයට තීරණාත්මක මාසයක් වෙනු ඇති බවයි.

අර්ජුන් මහේන්ද්‍ර‍න් මහතා නැවත එම තනතුරට පත් නොකරන ලෙසට රජයේ මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය හා සිවිල් සංවිධාන ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. ඒ, බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදු වු බව කියන සිද්ධි හේතුවෙනි. ඒ පිළිබඳ තීරණයක් ගැනීමට රජයට සිදුවෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එකඟවී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා යළි පත් නොකිරීමේ එකඟතාව මත බවයි වාර්තා වෙන්නේ.

මාස 6කින් කාලය දීර්ඝ කරනු ලැබූ පළාත් පාලන ආයතන 32ක නිල කාලය ජුනි මාසයෙන් අවසන් වීමට නියමිතයි. පළාත් පාලන ආයතන 172ක්ද විසුරුවා හැර මේ මාසයට වර්ෂයක් සපිරෙනවා. මෙම මාසයේ මෙම තීරණාත්මක තීරණ රජයට ගැනීමට සිදු වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles