රජයෙන් අරණායකට අලුත් නිවාස 1000ක්

0
856
අරනායක කොට්ඨාසයේ ආපදාවන්ට  ලක්වුවන් වෙනුවෙන් අළුතින් නිවාස 1,000 ක් සාදා දීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් දැක්වුයේ අරනායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පැවති රැස්විමක් අමතමිනි.
පසුගියදා අරනායක කොට්ඨාසයේ ඇතිවු ආපදා තත්වයෙන් අවතැන් වුවන්ට සහන සැලසීම පිළිබදව මෙම සාකච්ඡාව පැවැත්විණි. අරනායක ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 61 තුළ දැඩි ආපදාවන්ට ලක්ව අවතැන් වුවන් සදහා  මෙම නිවාස සාදා දීමට නියමිතය.
මෙහිදි නිවාස ලබා දිමේදි කිසිදු භේදයකින් තොරව කටයුතු කරන බව පැවසු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අරනායක කොට්ඨාසයේ නිවාස ගැටළුව මුළුමනින්ම විසදීමට කටයුතු කරන බවද පැවසීය.
 13327375_10153844955860186_1868011984222686412_n
13310383_10153844955870186_1221752995165004151_n
රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලිප් වෙදාරච්චි, චම්පික ප්‍රේමදාස , ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දේශපාලන නායකත්වයද, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here