Saturday, November 16, 2024

රජයේ අවවාද නොතකා අදත් කොළඹට භික්ෂු පිරිසක් වැඩම කරවති….

රජය විසින් සැප්තැම්බර් පළමුවැනි දින දක්වා කිසිම ආකාරයක රජයේ රැස්වීමක්, සමුළුවක් හෝ සාකච්ඡාවක් පැවැත්වීම පවා අත්හිටුවා ඇත. පවතින වසංගත තත්ත්වයත්, ජනතාවගේ ආරක්ෂාව තකා මේ ගත් පියවර පැසසිය යුතුය.

එසේ නමුත්, ත්‍රිපිටක සංරක්ෂණ පණත නමින් හදිසියේ සම්මත කරගැනීමට නියමිත පණත් කෙටුම්පතක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ සහ පෙරේදා දිනවල BMICH පරිශ්‍රයේ පැවැති රැස්වීම අද දිනයේද ක්‍රියාත්මක වීමට නියමිතය.

පනහකටත් අඩු පිරිසක් ලෙස සම්මන්ත්‍රණය වෙත පැමිණෙන බහුතරය වයෝවෘද්ධ ගෞරවනීය භික්ෂූන් වහන්සේ වෙති. උන්වහන්සේගේ ජීවිත අනතුරට පත්කරමින් මේ සිදුකරන්නට යන ශාසන විරෝධී, විනය විරෝධී රැස්වීම නොපවත්වන ලෙස අතිපූජනීය මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන් දෙනම පවා ප්‍රසිද්ධ නිවේදනයක් පළ කොට තිබියදී, තම පෞද්ගලික අභිමතාර්ථයන් සාධනය කරගනු වස් භික්ෂූන් වහන්සේ කිහිප නමකට පමණක් ආරාධනය කර, බහුතරයකට ආරාධනා නොකර, මේ යථෝක්ත කාරණාව සම්බන්ධයෙන් ‘ප්‍රසිද්ධ රැස්වීමක් පැවති බව’ ප්‍රකාශයට පත්කිරීමේ කූට අරමුණින් කරන මේ ව්‍යායාමය ගැන මාධ්‍ය වෙත ඇත්තේ සැකයකි.

ඊයේ දිනයේ පැවැති රැස්වීම මාධ්‍ය වලට තහනම් කර තිබූ අතර, එසේ හොර රහසේ සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද යන්න තවත් සැකයට ලක්වන කාරණාවකි. එමෙන්ම මේ කාරණාව සම්බන්ධව ප්‍රසිද්ධියේ අදහස් පළකළ උගත්, ධර්මධර, විනයධර ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේ වෙත මෙහි ආරාධනා ලබා දී නොමැති අතර උන්වහන්සේ එම ස්ථානයට අනාරාධිතවම වැඩමකොට අදහස් දක්වන්නට යෙදුනි.

සමස්ථ භික්ෂු සංඝයා වැඩමවා, මහානායක හිමිවරුන් මූලාසනයේ වඩා හිඳුවා ප්‍රසිද්ධියේ කළ යුතු සමුළුවක් හිතවත් කිහිප දෙනෙක් පමණක් ගෙන්වා හොර රහසේ කරන්නේ කුමන හෝ දුෂ්ට අරමුණක් වෙනුවෙන් යයි සමාජය තුළ සැකයක් මතුව ඇත..

මෙහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ පැපිලියොනේ සුනේත්‍රාදේවී මහ පිරිවෙන් විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස මාහිමිපාණන් වහන්සේය.

CIA අවදියෙනි…!!!



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles