රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට සින්නක්කර අයිතිය – අගමැතිගෙන් සහතිකයක්

0
309

වසර අවසන්වීමට පෙර රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට සින්නක්කර අයිතිය ලබා දෙන නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔවුන්ට ඉඩම් ඔස්පු ලබාදීම ලබන වසර මුල සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දෙයි.

බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

නිවාස සහ ඉඩම් ආණ්ඩුව සතුව තබාගෙන ජනතාවට ජීවත්වීමට ඉඩදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව පවසන අග්‍රාමාත්‍යවරයා ජනතාවට එම ඉඩම් අයිතිය ලබාදිය යුතු බව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here