Wednesday, September 25, 2024

රජයේ කන්තෝරුවලට ජනපති කඩා ­ප­නින්න යයි

සියලු අමා­ත්‍යාංශ සහ රාජ්‍ය ආය­ත­න­වල ක්‍රියා­කා­රි­ත්වය සොයා බැලීම සඳහා ඒ ආය­ත­න­ව­ලට හදි­සියේ කඩා ­ප­නින කණ්ඩා­යම් යෙද­වීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.

මෙලෙස එක්වර පැමි­ණෙන පිරිස අතර ජනා­ධි­පති, අග­මැති, ඇමැ­ති­වරු මෙන්ම රජයේ උසස් නිල­ධා­රීන්ද සිටිනු ඇති බව ජනා­ධි­පති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පව­සයි.

කලක සිට අක්‍රි­ය පව­තින රාජ්‍ය සේවය විධි­මත් කිරීම මෙන්ම සක්‍රිය සේවා­වක් ජන­තා­වට සැල­සීම සඳහා නව රජය මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර ඇත.

ඉකුත් සතියේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වට මෙන්ම නාරා­හේ­න්පිට පිහිටි ආර්ථික මධ්‍ය­ස්ථා­නය වෙතද එක්ව­රම ගොස් එම මොහොතේ එහි ක්‍රියා­කා­රිත්ව පිළි­බ­ඳව නිරී­ක්ෂ­ණය කරනු ලැබීය. ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ වැඩි මිලට අලෙවි කළ සහල් තොග පිළි­බඳ තොර­තුරු ලැබී­මත් සමඟ ජනා­ධි­ප­ති­ව­රයා වහා ක්‍රියා­ත්මක වී අදාළ අංශ වෙත සිය ජංගම දුර­ක­ත­න­යෙන් අමතා වැඩි මුද­ලට අලෙවි කිරීම නතර කිරී­මට පිය­වර ගන්නා ලෙසට උ‍පදෙස් දී තිබිණි.

එලෙ­සම මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­ව­ටද මේ ආකා­ර­ය­ටම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා යෑමෙන් පසු එහි සේවක-සේවි­කා­වන් හා නිල­ධා­රීන් මේ වන විට ඉතා උන­න්දු­වෙන් සිය රාජ­කාරි කට­යුතු සිදු කරන බව වාර්තා වේ.

මේ වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් පව­තින සුබ­දායෙි ප්‍රති­චාර හේතු­වෙන් එම කට­යුතු විධි­මත්ව සිදු කිරී­මට අදාළ සැල­සුම්ද සකස් කර ඇති බවත්, පෙර නොදන්වා ගොඩ­ව­දින විට හඳු­නා­ගැ­නෙන අඩු­පාඩු වහා සකස් කිරී­මට අදාළ පිය­වර ඒ දිනම සැල­සුම් වන බවත් මේ ආරංචි මාර්ග තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles