Thursday, September 19, 2024

රජයේ නිර්දේශිත පොහොරෙන් වී අස්වැන්න අඩු වුනොත් වන්දි ගෙවිමට සැලසුම්

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කොම්පෝස්ට් ඝණ පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කර ගැනීම සඳහා රජයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 12,500 බැගින් මුදල් ලබා දී ඇති බවය. එලෙස මුදල් ආධාර නොලැබුණ ගොවීන්ට කොම්පෝස්ට් ඝණ පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මඟින් නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

“මහ කන්නයේ වී ගොවිතැන ආරම්භ ⁣කරන කාලේ පොහොර හිඟයක් ඇති බව දැනුනම ගොවි ජනතාව කලබලයට පත්වීම අසාධාරණයි කියන්න බෑ. නමුත් දැන් රජය පොරොන්දු වු විදිහට මහ කන්නයට පොහොර දෙන්න දැන් සුදානම් කරලා තියෙනවා. මේ කටයුත්තේදී යම් ප්‍රමාදයක් ඇති වුණා. දැන් ඒ සියල්ල නිවැරදි කර ගෙන මෙරට නිෂ්පාදනය කළ කොම්පෝස්ට් පොහොරවලට අමතරව පරිසර හිතකාමී අහිතකර රසායන ද්‍රව්‍ය නොමැති පොටෑසියම් ක්ලෝරයිඩ් කැට පොහොරක් හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරලා තිබෙනවා.

ඊටත් අමතරව මෙරට නිෂ්පාදිත දියර පොහොරත් ගොවි ජනතාවට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් ලබා ගන්න පුළුවන් ආකාරයට කටයුතු සූදානම් කරලා තිබෙනවා.

දැන් ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ. රජයේ නිර්දේශිත මේ පොහොර යෙදීමෙන් වී වගාවේ අස්වැන්න අඩු වුනොත් හෝ වෙනත් ආකාරයක හානියක් සිදු උනොත් ඒ සඳහා වන්දි ගෙවන යාන්ත්‍රණයක් අපි දැන් හදා ගෙන යනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles