Saturday, September 21, 2024

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට ගත් තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අමාත්‍යංශ 04ක් සඳහා මෙලෙස අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත්කිරීමට රජය සැළසුම් කර ඇති බවයි.

සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන හා  මහා මාර්ග යන අමාත්‍යංශ සඳහා මෙම නව අධ්‍යක්ෂක ජනරාල්වරුන් පත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම එම අමාත්‍යංශ බිලයන 100ට වඩා වියදම් කරන අමාත්‍යංශ බවත් ඒ සඳහා නව තනතුරක් ලෙස මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමට නියමිත බවත් සඳහන්ය.

එනම් බිලියන 100ට වැඩි ඇස්තමේන්තු ගත අයවැය තිබෙන මෙම අමාත්‍යාංශයන්හි ගණනය කිරීම් මීට වඩා සාර්ථක කිරීමට මෙම පියවර ගත් බව රාජිත සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.

මෙම පත්කිරීම් තවමත් සිදු කර නොමැති බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම් විසින් මෙම පත් කිරීම් සිදු කළා යැයි සිතා සත්‍යතාවයක් නොමැතිව වෘත්තීය සමිති චෝදනා එල්ල කරන බවයි.

එමෙන්ම මෙම පත් කිරීම් තමන් විසින් සිදු කළ යුතු බවත්, එම පත් කිරීම්වලට අදාළව කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළ යුතුව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම පිළිබඳව අද දෙරණ සිදුකළ විමසීමකදී  රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles