Monday, January 13, 2025

රජයේ මුද්‍රණාලයේ ඉවත ලන කඩදාසි විකිණීමේදී අක්‍රමිකතාවක්

රජයේ මුද්‍රණාලයේ ඉවත ලන කඩදාසි විකිණීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් සෙවීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දිනකට ටොන් 2500ක් පමණ කඩදාසි කපා ඉවත් කරන අතර මෙම කඩදාසි විකිණීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබඳව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනයක් සිදු වී තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙන වෙනම පරීක්ෂණ සිදු කරන අතර වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles