Friday, September 20, 2024

රජයේ රෝහල් කාර්යය මණ්ඩල අතර කොරෝනා අවදානම වැඩිවේ

රජයේ රෝහල්වල කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක්ද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ රජයේ රෝහල්වල කාර්යය මණ්ඩල සාමාජිකයින් වෛරසයට ගොදුරුවීමේ අවදානමක පසුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා පැවසුවේ, “කොරෝනා වසංගතය ආරම්භවන මුල්ම මොහොතේ ඉතාමත්ම සැලසුම් සහගතව හෙද කාර්යය මණ්ඩලය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළා. ඒ උපදෙස් මාලාව පසුගිය දෙසැම්බර් මස 22 වනදා සිට ක්‍රියාත්මකවීම ප්‍රධාන පෙළේ රෝහල්වල  නවත්තලා දාලා තිබුණා. ඒ තුළ හෙද කාර්යය මණ්ඩලයත් සෞඛ්‍ය සේවකයාත් බරපතළ අනතුරකට මුහුණපා තිබෙනවා. මේ වනවිට ජාතික රෝහලේ වාට්ටු අංක 79 හෙද කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුට ආසාදනයට ලක් වෙන්න සිද්ධ වෙලා. ජාතික අක්ෂි රෝහලේ මේ වනවිට හෙද නිලධාරින් තිදෙනෙකු කොරෝනා රෝගයට ගොදුරුවෙලා තියෙනවා. හෙද නිලධාරින් 38 දෙනෙකු නිරෝධායනයට යොමුකරලා තියෙනවා.  මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ සෞඛ්‍ය ලේකම්වරයා” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles