රජයේ විධායක නිලධාරීන්ගේ දුරකථන දීමනාව 25% කින් කපයි. මැති ඇමතිවරුන්ගේ නොකපයි!

0
355

අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ සියලු විධායක නිලධාරීන්ගේ දුරකථන දීමනා වලින් 25% ක් කැප හැරීමට අදාල චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය මගින් නිලධාරීන්ගේ දුරකථන දීමනා කපාහැරීමට කටයුතු කලද පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දුරකථන දීමනා කපාහැරීමට අදාල කිසිදු සදහනක් හෝ අදාල චක්‍රලේඛයක් හෝ නිකුත් කොට නොමැත.

රජයේ නිලධාරීන්ට අදාල චක්‍රලේඛය මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වෙත එවැනි චක්‍රලේඛයක් නිකුත් නොවීම හේතුවෙන් ඔවුන්ගේ දීමනා අඩු කිරීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු පැවසු බව ‘අරුණ පුවත්පත’ වාර්තා කරයි.

එහිදී මැති ඇමතිවරුන්ගේ මෙම දීමනාව අඩු කිරීම පිලිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී සාකච්ජා කිරීමට නියමිත බවද එම ප්‍රකාශකවරයා සඳහන් කොට තිබේ.

රජයේ නිලධාරීන්ට අදාළව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය. මෙම දීමනාව අඩු කිරීම මෙවර අයවැය යෝජනාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here