රජයේ වෛද්‍ය නිලධාරීන්ට නෙවිල් ප්‍රනාන්දු සතුට පළ කරයි

0
732

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසින් ලබාදුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යම් පමණකට පිළිගැනීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් සයිටම් ආයතනය වෙනුවෙන් වෛද්‍ය
නෙවිල් ප්‍රනාන්දු දන්වා ඇත.සයිටම් ගැටලුව සඳහා රජය ලබාදුන් විසඳුම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
දන්වා සිටියේ නෙවිල්ගේ නමට හෝ පවුලට තවදුරටත් මෙය සතු නොවීම සහ ප්‍රමිතිගතව මෙම ආයතනය පවත්වායාමට අපේක්ෂා කිරීම යන ධනාත්මක ලක්ෂණ වලට එකඟවන බවයි.
නමුත් රජයේ නොවන ආයතනයක් ලෙස පිහිටුවන්නට යන බව කියන එහි ව්‍යුහය පැහැදිලි නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා සිටි අතර මේ දක්වා වැරදි ලෙස වෛද්‍ය අධ්‍යපනය දුන් අයට එරෙහිව  නීතිය ක්‍රියාත්මක විය යුතු බවද දන්වා තිබේ.
සයිටම් ආයතන සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සතුට පළකර තිබෙන්නේ එම තීරණ වලටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here