රජය බුද්ධි නිලධාරීන් දඩයම් කිරීම රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක්‌ – අතුරලියේ රතන හිමි

0
302

වත්මන් රජය විසින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම දඩයම් කිරීම රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක්‌ යෑයි එක්‌සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ ඊයේ (07 වැනිදා) පැවසූහ.

එහෙයින් මින් මතු යම් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ නම් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවක්‌ වෙත තොරතුරු ඉදිරිපත් කර එකී කමිටු වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතියෙන් අනතුරුව බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බුද්ධි අංශ විනාශ කර රට පරණ තැනට ගෙන යමින් ඇති බවත් මෙය නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක්‌ මෙන්ම ජාතික අපරාධයක්‌ බවත් රතන හිමියෝ පැවසූහ.

මෙම භයානක තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහා අවධානය යොමු කර ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් කළ යුතු බවත් පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්‌ද යන්න ඉදිරියේදී නම් ගම් සහිතව හෙළි කරන බවට අවධාරණය කළහ.

අතුරලියේ රතන හිමියන් ඊයේ එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here