රජය ලබා දුන් කුමන හෝ පොහොරක් භාවිතා කර ඇත්නම් වගා හානි ලබාදීමට කටයුතු කරනවා

0
297

රජය ලබා දුන් කුමන හෝ පොහොරක් භාවිතා කර ඇත්නම් වගා හානි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි..
වගා හානි සඳහා වන්දි ගෙවීමේ දී රජය ලබාදුන් පොහොර වර්ග සියල්ලම භාවිත කළයුතු බවට මධ්‍ය විසින් වරදවා විකාශය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


කෙසේ වෙතත් පසුගිය දෙවැනිදා කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ වගා හානි සම්බන්ධයෙන් වන්දි ලබා දෙන්නේ රජය ලබා දුන් පොහොර වර්ග 4 භාවිත කළ පිරිස් සඳහා පමණක් බවය.


මේ අතර වගාවන් සඳහා රසායනික පොහොර නොමැතිව තම වගාවන් විනාශ වන බවට ගොවීන් තවදුරටත් චෝදනා කරමින් තිබේ.


ගොවීන් පෙන්වා දෙන්නේ රජය විසින් ලබාදුන් කාබනික දියර පොහොර වගාවන් සඳහා යෙදුව ද ගොයමේ කිසිදු වර්ධනයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here