Thursday, November 28, 2024

රජය විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටිනවා – විදුලිබල වෘත්තීය සමිති සන්ධානය

විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද නුදුරේදීම ඉන්ධන මිල අනිවාර්යෙන් ඉහළ දමන බවයි.

මේ සමගම විදුලි බිල වැඩි කිරීමට රජයට සිදුවන බවත් අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් ඔහු පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිත බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles