රජය සතු ව්‍යාපාර 17 ක ගිය වසරේ පාඩුව කෝටි 13,000 ක්

0
350

රජය සතු ව්‍යාපාර 52 න් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළුව ප්‍රධාන ව්‍යාපාර ආයතන 17 ක් ඉකුත් 2020 වසරේදී රුපියල් කෝටි 13,162 ක මුදලක් පාඩු ලබා ඇති බව අනාවරණය වේ.

මුදල් අමාත්‍යංශයේ 2020 වාර්ෂික වාර්තාව පෙන්වා දී ඇති පරිදි එහිදී වැඩි ම අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 62,561 කි.

දෙවනුවට ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් මිලියන 58,066 ක අලාභයක් ලබා ඇත.

තෙවනුවට සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 3,748ක අලාභයක් ලබා ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 2383 ක්, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව රුපියල් මිලියන 997 ක්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 243ක් වශයෙන් පාඩු ලබා තිබේ.

එලෙස පාඩු ලබා ඇති අනෙක් ආයතන වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩය (ලක්සල), ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, සීමා සහිත ලංකා සතොස සමාගම, ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සීමා සහිත හෝටල් ඩිවලොපර්ස් ලංකා සමාගම යන ආයතනයි.

උපුටා ගැනීම මව්බිම පුවත් වෙබ් අඩවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here