Monday, October 28, 2024

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ආරම්භ කරන ලද නව සිනමා පටයක රූගත කිරීම් අතරතුර එහි සේවකයින් 4 දෙනෙකුට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් එහි රූගතකිරීම් තාවකාලිකව නවතා දැමුණි.

ඉන් අනතුරුව රජිනිකාන්ත් වෙත සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එවන් පසුබිමක් තුළ රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවය.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles