රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කෙරේ

0
717

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රුධිර පීඩනයෙහි දැඩි උච්චාවචනයන් හේතුවෙන් හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

කොවිඩ් -19  පරික්ෂාවක් ඔහුගේ සිදු කර ඇති අතර  කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණද, ඔහුගේ රුධිර පීඩනය දැඩි උච්චාවචනයන් පෙන්නුම් කරන් නිසා ඔහු රෝහලට ඇතුළත් කර ඇති වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව රෝහලෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 රජිනිකාන්ත් ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන ‘Annaatthe’රූගත කිරීම් කරමින් සිටියදී, ඒහි කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසුව එය අත්හිටුවා තිබේ. ඉ‍න්පසුව රජිනිකාන්ත් ද කොවිඩ් -19  පරික්ෂාවක්වක් සිදු කර ගෙන ඇත.  එමෙන්ම රෝහලෙන් පිටව යාමට පෙර ඔහුගේ රුධිර පීඩනය සමනය වන තෙක් ඔහු රෝහලේ වෛද්‍යවරුන් සමීපව අධීක්ෂණය කරන බවද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here