රජීව් ගාන්ධි ඝාතකයා ලංකාවට..

0
463

PTIපුවත් සේවය වාර්තා කරන අන්දමට, හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ඝාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඩුවම් විදින ශාන්තන් නැමැති LTTE සාමාජිකයා ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් වෙත යොමු කිරීමේ සූදානමක් ඇත.

එම වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම යටතේ ඔහු ශ්‍රී ලංකාවට යොමුකිරීමට නියමිත බවයි. ඒ අනුව, මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් වෙත යොමු කෙරෙන පළමු තැනැත්තා බවටද ශාන්තන් නැමැති මෙම LTTE සාමාජිකයා පත්වෙනවා.

අදාළ ලේඛන සදහා අත්සන් තබන්නේද යන්න පිළිබදව ශාන්තන් සලකා බලමින් සිටින බව එම පුවත් සේවය පවසනවා. හිටපු ඉන්දීය අගමැති රජිව් ඝාන්ධි මහතා ඝාතනයට ලක්වුණේ, වසර 1991 මැයි 19 වැනිදා තමිල්නාඩුවේදීය. ඝාතනයට වරදකරුවන් වූ ශාන්තන් හා නාලනී ඇතුළු LTTE සාමාජිකයින් පිරිසක් මේ වන විටත් ඉන්දියාවේ සිර දඩුවම් විදිමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here