රජීව් ගාන්ධි ඝාතනයටත් කේ.පී පැටලෙන හැඩ

0
958

හිටපු ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයට අදාල පරීක්ෂණ සිදුකරන ඉන්දියානු ආරක්ෂක අංශ කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු භාරව ක්‍රියාකල කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර ඉල්ලා ඇතිබව වාර්තාවේ.

මින් පෙර මහින්ද රාජපක්ෂ රජය සමයේද ඉන්දියානු ආරක්ෂ අංශ මෙලෙස බැංකු ගිණුම් පරීක්ෂාව සඳහා අවස්ථාව ඉල්ලා සිටියත් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බව ඔවුන් සඳහන් කරයි.

චෙන්නායි අධිකරණයෙන් ලද විශේෂ අවසරයක් සහිතව මෙම පරීක්ෂණ කණ්ඩායම ගාන්ධි ඝාතනයේ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇති අතර, එහිදී ලද තොරතුරු අනුව මෙම ඝාතනයට කේ.පී ගේ සම්බන්ධතාවක් ඇතිබව සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

1991 මැයි 21 වැනි දින මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරදී තමිල්නාඩුවේ පැවති රැස්වීමක් ආසන්නයේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාාරියක් විසින් රජිව් ගාන්ධි ඝාතනය කල අතර ඒ සඳහා කේ.පී ගේ සෘජු දායකත්වයක් ඇත්ද යන්න සොයාබලමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here