රටක බලශක්ති පද්ධතියේ පාලනය එම රටෙන් ගිලිහීයාම යනු රටේ ජාතික ආරක්ෂාවට සිදුකෙරෙන බරපතල තර්ජනයක් බව සමගි ජන බලවෙිගය පවසනවා.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ යුගදනවි බලාගාරය අමෙරිකානු ආයතනයකට පැවරීම තුලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් ඇති වී ඇති බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙක් විසින් අග්‍රාමාත්‍යවරයා සමග සිදුකල බව කියන සාකච්ඡාව සම්බන්ධයෙන්ද නලීන් බණ්ඩාර මහතාගේ අවධානය යොමු වුණා.