රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්

0
402

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.

ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here