Sunday, September 22, 2024

රටට නායකත්වය දෙන්න මම සූදානම් – අර්ජුන

ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය .

අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසූ රණතුංග මහතා 2015 වසරේදී මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේද තමා යැයි සඳහන් කළේය.

අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය .

“අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක්.ඒක නිකන්ම නිකන් බයක් නොවෙයි .දේශපාලන බයක්.මොකද මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා. ඉම්රාන් ඛාන් කෙනෙක් ඕන නම් මට ඒක වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ඕන නම් එහෙම වුණාම මොකද වෙන්නේ.ක්‍රීඩාව කරනකොටත් දේශපාලනය කරන කොටත් මම හරි දේ කළා.හොරකම් කරන්න දුන්නේ නෑ. කරන්න දීපු ආයතන සුද්ද කළා. “

” මට අවස්ථාව ලැබුණොත් රට හදන්න එනවා.මම මෙච්චර කල් බෙල්ල දෙන්න ආවෙ නෑ. මේ ක්‍රීඩාවෙන් එළියට ගිහිල්ලා මම බෙල්ල දෙන්න එනවා. මම මේ දක්වාම හිතුවේ මේ රටේ ඕනෑතරම් නායකයෝ ඉන්නවා කියලයි.නමුත් මට දැන් පේනවා මේ රටට ආදරය කරන නායකයෝ නැහැ කියලා. රටට ආදරය කරලා රට හදන්න එන නායකයෝ “

” ඒ වගේම මම තවත් දෙයක් කියන්න ඕන. මේ වැටිල තියෙන ක්‍රිකට් හදන්න මට ඕන මාස හයයි. කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බෑ .මම කරල පෙන්නනවා. මට ඒකට සහයට හොඳ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් ඕන . සනත්ලා ඉන්න ඕන අරවින්දලා ඉන්න ඕන . මම මහේලට කියනවා කණ්ඩායම අරගෙන කරන්න කියලා .එයාට බොම්බේ කරන්න පුළුවන් නම් ලංකාවට ඇවිල්ල කරන්න බැරි ඇයි.සංගක්කාරට කියනවා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෙන්න කියලා.අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන.එයාලට ඒක දීලා බලමු. දැන් ඒවා කියවනවා විතරයි. චමින්ද වාස්ට කොච්චර ප්‍රශ්න ආවද . අන්තිමේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ දොර ඇරියේ නෑ ඒ ළමයාට ගිහිල්ලා ප්‍රශ්නේ කතා කරන්න.ඒ මේ රට නියෝජනය කරපු ක්‍රීඩකයෝ. ටෙස්ට් මැච් සියයක් ගහපු ක්‍රීඩකයෙක්. එහෙම කරලා කොහොමද මේක දුවන්නෙ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles