රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. අද රටේ යමක් ඉතිරිවී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවලදී කළ කීදේ පමණක් බවකී එජාප මහ ලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එක ම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.