Wednesday, December 25, 2024

රටට වැඩක් කළ අන්තිම නායකයා ප්‍රේමදාස…! ඉන්පසු ආවේ කම්බ හොරු…! යහපාලන ආණ්ඩුවේ නායකයො දෙදෙනා රට කා විනාශ කළා – ෆොන්සේකා

1994 සිට දිගට ම රට පල්ලම් බැස්ස බවත් එයින් පසු රටේ නිෂ්පාදන හෝ අපනයන වැඩි කිරීම සඳහා කිසිදු රජයක් කිසිවක් නොකළ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඊට පසු නායකයින් කළේ රට ණය කර රටට ප්‍රතිලාභ නොලැබෙන විශාල ව්‍යාපෘති ආරම්භ කර කොමිස් ගැසීම පමණක් කළ බවත් දැන් ණය ගෙවාගත නොහැකිව දඟලන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රටට විදේශ විනිමය ලැබුණේ සංචාරකයින්ගෙන්, සුද්දා හදා දුන් තේ පොල් රබර් ටිකෙන් සහ රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල්වලින් පමණක් බව ද ෆොන්සේකා පෙන්වා දෙයි. මේ වන විට පොහොර ටික නොදෙන නිසා තේ පොල් රබර් ටිකත් විනාශ වී ඇතැයි ඔහු චෝදනා කරයි.

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කිසිදු රජයක් ඇඟට දැනෙන කිසිවක් කර නැති බවත් ලංකාවට එන්නේ චීන හිඟන්නන් පමණක් බවත් හෙතෙම පවසයි.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මේ රටේ පහළ වූ දුර්වලම නායකයින් බවත් ඔවුන් දෙදෙනා මේ රට විනාශ කළ බවත් පාර්ලිමේන්තුව අමතමින් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles