Sunday, September 22, 2024

රටම අඳුරට වැටෙයි! විදුලි අර්බුදයක් අතළඟ

විදුලිබල මණ්ඩලය දිගුකාලීන සැලසුම් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනවාරී මැද පමණ වනවිට රටේ විදුලි අර්බුදයක් ඇතිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

විදුලි ඉංජිනේරුවන් විසින් රටේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් ඉදිරිපත් කළත් එය කනකට නොගෙන කටයුතු කළ නිසා ජනවාරියේ මෙම විදුලි අර්බුදයට මුහුණ දීමට සිදුවන බව ද ඔහු කීය.

මේ වනවිට ආරම්භ කළයුතු මෙගා වොට් 100ක සුළං බලාගාරයක් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර 2017 සිට ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවත් ඒ ආකාරයෙන්ම කෙරවලපිටියේ මෙගා වොට් 350ක සුළං බලාගාරය ඉදිකිරීම් ආරම්භ කළත් එය ද අවසන්ව නැතැයිද ඔහු කීය.

එමෙන්ම සූර්ය බලශක්තියෙන් මෙගා වොට් 150ක බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලූ කටයුතු අවසන් කර ඉඩම් ලබාගැනීමට ඉඩම් ඇමැතිවරයාට ලබාදී වසර එකහමාරක් ගතවී ඇතැත් එය තවමත් ඇමැතිවරයාගේ භාරයේ තිබෙන බව ද විමලරත්න මහතා කීය.

මෙම ගැටලූ සමග රටේ බොරතෙල් නැතිවීම නිසා ඉදිරියේදී ඉන්ධනවලින් ක‍්‍රියාත්මක බලාගාරද නතර වීම මත මෙම විදුලි අර්බුදයක් ඇතිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles