“රටම එළියයි – අඳුර දුරලයි” පුත්තලම දිස්ත්‍රික් වැඩ සටහන හෙට(18)

0
418

සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීම වෙනුවෙන්”රටම එළියයි – අඳුර දුරලයි” වැඩසටහනට සමගාමීව, විදුලි පාරිභෝගික ගැටලු විසඳීම වෙනුවෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන විදුලි ජංගම සේවයේ පුත්තලම දිස්ත‍්‍රික් වැඩසටහන, හෙට (18) පැවැත්වෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එදින පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදි මෙම ජංගම සේවය පැවැත්වෙන අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

විදුලි පාරිභෝගික ජනතාව දෛනිකව මුහුණදෙන විදුලිය සම්බන්ධ මෙතෙක් නොවිසඳුන ගැටලු වෙනුවෙන් සාර්ථක විසඳුම් ලබාදීම සඳහා, සමස්ත දිවයින ආවරණය වන පරිදි දීපව්‍යාප්තව මෙම විදුලි ජංගම සේවා පැවැත්වීමට විදුලිබල අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

 මෙම විදුලි ජංගම සේවය සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here