Saturday, June 29, 2024

රටම ලෙඩ වෙන ලකුණු….

වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් කේෂ්ත්‍ර කිහිපයක සේවකයින් අද(26) සිට විවිධ වෘත්තිය සමිති වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ.

ගුරුවරුන්, විදුහල්පතිවරුවන් සහ ගුරු අධ්‍යාපනඥයින් අද දින අසනීප නිවාඩු වාර්තා කිරිමේ තීරණයක් ගෙන ඇතැයි පැවසේ.

රාජ්‍ය ඉංජිනේරු, දේශීය ආදායම්, ගණකාධිකාරී සහ රජයේ විධායක නිලධාරීන් ද ඊට සමගාමීව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසයි.

එමෙන්ම සිකුරාදා දින කලු ඇදුමෙන් සැරසී සේවයට පැමිණීමට රජයේ බැංකු වෘත්තීය සංගම් තීරණය කර ඇතැයි ද වාර්තා වේ. ඊට හේතුව ලෙස දක්වන්නේ වසර කිහිපයකට වරක් වැඩිවීමට නියමිත වැටුප් වර්ධනයන්ට රජය අවසර නොදීමයි.

Related Articles

Latest Articles