රටවල් කිහිපයක් කොවිඩ් කරල් ඇණවුම් කිරීමට සැරසෙයි

0
262

මර්ක් සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන කරල් තොගයක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් බහුලව හමුවීමත් සමග ප්‍රතිකාර කටයුතු ක්‍රමවත් කිරීම සඳහා එම පියවර ගන්නා බව එරට අගමැති ස්කොට් මොරිසන් පැවසීය.

Molnupiravir ලෙස නම් කර ඇති එම ඖෂධය, නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවන පළමු කොවිඩ් මර්දන ඖෂධ කරල ලෙස හඳුන්වයි.

විශේෂඥයින් පවසන්නේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම සහ මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම ඖෂධයට හැකියාව ඇති බවය.

එහිදී එම කරල් දිනක ට දෙක බැගින් දවස් 5ක් වැඩිහිටි රෝගියෙක් ගතයුතු බවට නිර්දේශ වී තිබේ.

මේ වනවිට මැලේසියාව, තායිලන්තය, තායිවානය සහ දකුණු කොරියාව ද එම ඖෂධය මිලදී ගැනීමට සැරසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here