රටෙි ආහාර හිගයක් එන්නෙ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

0
456

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වන විට රටේ ආහාර හිඟයක් ඇති වන බවට දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විද්වතුන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වීම හේතුවෙන් ඇතැමුන් ලබන වසරේදී රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව ද හෙතෙම කීවේය.

කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුළා කර දේශපාලන වාසි ගැනීමට ද ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here