Wednesday, January 22, 2025

රටෙි ඩොලර් මාසයකට කලින් ඉවර වෙයිද ? ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි !

මේ වන විට රටතුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය රටේ ඉදිරි පැවැත්මට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා සිටී .

ශ්‍රී ලංකාව සතුව ඇති දැනට ඇති විදේශ සංචිත අතරින් වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 1100ක් පමණ වන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.
ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වන්නේ සති දෙක හමාරකට පමණක් යැයිද ඒ මහතා පැවසීය.
ඉදිරි වසරේ මෙරට ආනයන අවශ්‍යතාවය ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටිමේ අවස්ථාව බවද කී ඔහු රජය මේ අවස්ථාවේ වහාම රටේ තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු ඉදිරි පියවර ගැනීමට තිරණය කිරීම කළ යුතු බවද කියා සිටියේය.

මෙම මාසය ඇතුළත මෙරට මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් රට ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.

රට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ද ප්‍රමාද වැඩි බව කී ඔහු චීනය ඇමරිකාව වැනි රටකින් ඩොලර් කෝටි 500ක පමණ විදේශ විනිමය සපයා ගැනීමට රජයට මේ අවස්ථාවේ සිදුවන බවද කියා සිටියේය.
මේ අතර මේ ගැන අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මාසික ආනයනයන් සඳහා පවා මෙම ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවනු ඇති බවද පැවසීය .
මේ අනුව ඉදිරියේදී භාණ්ඩ හිඟවීමක් සහ ආනයනික සීමා දැඩිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය බවද ඒ මහතා පැවසීය.
මුදල් අච්චු ගැසීම හා ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව 2022 වසර මුල දරුණු සාගතයකට මුහුණපානු ඇති බවට මීට පෙරද ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles