ණය ගෙවන්න අලුත් යෝජනාවක් – ලංකාව හරහා සාගර අධිවේගී මාර්ගයක් හදා දී ණය කපා හරින්නැයි ඉල්ලයි

0
384

ශ්‍රී ලංකාව හරහා සාගර අධිවේගී මාර්ගයක් නිර්මාණය කර එම මාර්ගය ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවලට භාවිතයට ලබා දී ණය ආපසු ගෙවීම නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට යෝජනාවක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම අධිවේගී මාර්ගය හරහා තමන් කිරීමේදී කාලය දිනකින් ඉතිරිවන අතර ගුවන් පියාසර කාලය පැයකින් ඉතිරිවෙයි.

එමගින් අදාල පාර්ශවයන්ට ඉතිරි වන මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය ආපසු ගැනීමෙන් නිදහස් කිරීමක් ඉල්ලා සිටීම මෙම යෝජනාවේ සැලසුමයි.

මෙම සාගර අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා රටවලට ඔවුන්ගේ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 8 කින් වැඩිකර ගැනීමටත් පිරිවැය බිලියන 2 කින් අඩුකර ගැනීමටත් හැකිවන බව ගණන් බලා තිබේ.

මේ සම්බන්ධයෙන් වන සංකල්ප පත්‍රිකාවක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මේ පිළිබඳව ලෝක බැංකුව ඇතුළු අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට ද නියමිතව තිබේ.

දැනට මෙරට මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 60ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here