රටෙි පැන නැගි අර්බුද හමුවෙි අනුරගේ නායකත්වයෙන් නව ජාතික බලවේගයක් ගොඩනැගීමට සැරසෙයි

0
307

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්තාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here