Wednesday, December 25, 2024

රටෙි බැංකු පද්ධතිය දැවැන්ත අර්බුදයක – හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති විජේවර්ධන පෙන්වා දෙයි

තුළ රුපියල් බිලියන 455 හිඟයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

පොලී අනුපාත සහ විනිමය අනුපාත කෘතීම ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය උග්‍ර වී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටින්නේ තමන් ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මෙි අතර ඔහු පෙන්වා දෙන්නේ රජය පසුගිය වසර දෙක තුළ ට්‍රිලියන තුනක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බවත්, වත්මන් අර්බුදය එහි ප්‍රතිඵලයක් බවත්, ලබන වසර තුළ මෙය තවත් උත්සන්න වන බවත්ය.

රජය රටේ මුදල් සැපයුම සියයට 39 කින් වැඩි කොට ඇති බවත්, එබැවින් ලබන වසර තුළ රුපියල දිගින් දිගට කඩා වැටී විශාල සාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත්,  පෙන්වා දෙන ඒ මහතා ලබන වසරේ ආර්ථික වර්ධනය ඍණ අගයක් ගත හැකි බවත් කියයි.

අන්තර් ජාල නාලිකාවකට අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මෙම අර්බුදයෙන් ගොඩ යන්නට ආණ්ඩුවට අවශ්‍ය නම් ආණ්ඩුව වහාම තම ආර්ථික පිළිවෙත වෙනස් කළ යුතු බවයි.

රටේ ආර්ථිකය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා මෙම ආර්ථික අර්බුදය පිළිබඳව වසර දෙකක් තිස්සේ අනතුරු අඟවා තිබුණි. ඒ කිසිවක් නොතකු ආණ්ඩුව දැන් විශාල අර්බුදයක් නිර්මාණය කරගෙන ඇත.

විජේවර්ධන මහතා කියා සිටින්නේ ආණ්ඩුව දැන්වත් මේ විනාශකාරී ආර්ථික පිළිවෙත වෙනස් කරගත යුතු බව යි.

“මේ තියෙන ආර්ථික අර්බුදය 2022 අවුරුද්දේදී තව තවත් උග්‍ර වෙනවා. අපිට පෙනෙන විදිහට 2022 වසරේදී රජයේ ජාතික ආදායම වර්ධනය වීම සෘණවීම හෝ බින්දුව මට්ටමේ තියේවි. මහ බැංකුව අධික ලෙස මුදල් අච්චු ගහල මුදල් සැපයුම වැඩිවීමට ඉඩ සලස්වා තිබෙනවා. 2019 දෙසැම්බර් මාසයේ සිට 2021 ඔක්තෝම්බර් මාසය දක්වා ගතවූ කාලය තුළ මහ බැංකුව රටේ මුදල් සැපයුම රුපියල් බිලියන 3000 කින් වැඩිකර තිබෙනවා. ඒක 39% ක වැඩිවීමක්. ඒ නිසා, උද්ධමනය හිස ඔසවමින් තිබෙනවා. අපිට විදේශ විනිමය නැති නිසා 2022 වසරේදී රුපියල බිඳ වැටීම වලක්වන්න බෑ. රුපියල මහා පරිමාණයෙන් බිඳ වැටෙනවා. මේ නිසා, ලබන වසරේදී අපි අති උග්‍ර ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනවා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles