රටෙි බේකරි නිෂ්පාදන හිඟ වීමෙි අවදානමක

0
492

අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා රටේ බේකරි නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

මේ වනවිට අධික මිලක් ගෙවා පී‍්‍රමා පිටි මිලදී ගනු ලැබුවත් බේකරි හිමියන්ට ලබාගැනීමට හැකිව තිබෙන්නේ ඉල්ලන ප‍්‍රමාණයෙන් සියයට 50ක් බවද ඔහු කීය.

පී‍්‍රමා පිටි, චීස්, බටර්, බිත්තර, තෙල් ඇතුළු සියලුම අමුද්‍රව්‍යවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති නිසා බේකරි හිමියන්ද කර්මාන්තය පවත්වාගෙන යා යුතු නිසා සිය නිෂ්පාදන අඩුකර ඇතැයි ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here