Saturday, September 21, 2024

රටේම ජනතාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට ව්‍යාපෘතියක්

‘ගමට සන්නිවේදනය’ ජාතික ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රට පුරා සියලු පුරවැසියන් හට අධිවේගී අන්තර්ජාල සේවා ආවරණය සැලසීම සඳහා රජය සැරසෙයි.

අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවේ හිමිකම සෑම පුරවැසියකුටම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පවත්වන ලද සමීක්ෂණයක දත්ත උපයෝගී කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනවා තිබේ.

එම ව්‍යාපෘතිය යටතේ මේ මාසය අවසන් වන විට රත්නපුර දිස්ත්‍රික්කය අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 30ක් වන අතර මෙය ජාතික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට රුපියල් බිලියන 15ක මුදලක් පසුගිය අයවැයෙන් වෙන් කර ඇත.

ව්‍යාපෘතිය 2022 වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත අතර දිවයිනේ සියලුම පාසල්වලට සියයට සියයක්ම ෆයිබර් අධිවේගී අන්තර්ජාල සබඳතාව සැපයීමද මෙහි එක් ඉලක්කයකි.

2021 වසරේදී දිස්ත්‍රික්ක දහයකත් 2022 වසරේදී ඉතිරි දිස්ත්‍රික්කවලත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles