Sunday, January 12, 2025

රටේ අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වන බව ජනපති පවසයි

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇති බව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන ලැබෙන නිසා රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.
ජනාධිපතිතුමා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ.


කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු, වෙළෙඳ සහ අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles