Friday, September 20, 2024


රටේ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක සිදු කෙරුණු යම් යම් අපරිණත ප්‍රකාශ හේතුවෙන්

ආසන්න දිනවල තෙල් අර්බුදයක් ගැන කතා කළ ද ඇත්ත වශයෙන්ම තෙල් අර්බුදයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක සිදු කෙරුණු යම් යම් ප්‍රකාශ හේතුවෙන් ජනතාව කලබල වූ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ .දේශපාලනික වශයෙන් අවබෝධයක් හෝ පළපුරුද්දක් නොමැතිකම හේතුවෙන් ඇතැමුන්ගේ යම් යම් වැරදි ප්‍රකශ නිසා මෙලෙස ජනතාව කලබලයට පත්ව අනවශ්‍ය පෝලිම් නිර්මාණය වූ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කුරුණෑගල නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය.

“පහුගිය දවස්වල තෙල් අර්බුදය ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබුණෙ නෑ නැව් ගෙන්නලා තිබුණේ ඒක බාන්න විතරයි කරන්න තිබුනේ. අපේ කාලෙ සමහර විට පැය 24ටයි තෙල් තිබුණේ.

යම් යම් වැරදි ප‍්‍රකාශ නිසා දවස් 4යි තියෙන්නෙ දවස් 5යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි යම් යම් ප්‍රකාශ නිසා තමයි මිනිස්සු අනවශ්‍ය ලෙස කලබල වෙලා පෝලිං හැදුනේ.

දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා කළ දේවල් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles